සරළව ගත්තොත් හිතට ආපූ වීඩියෝ ක්‍රීඩාවකට සුදුසු යම් අදහසක් සෙල්ලම් කරන්න පුලුවන් ගේම් එකක් බවට පත්කරන ක්‍රියාවලිය තමයි වීඩියෝ ක්‍රීඩා නිර්මාණය එහෙමත් නැත්තන් Video game development කියලා හදුන්වන්නෙ.
ලෝකේ විඩීයෝ ක්‍රීඩා නිර්මාපකයින් වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයක් තමයි EA Games, Ubisoft වගේ දැවැන්ත නිර්මාපයින්, අනිත් වර්ගය තමයි Indie Game Developersලා.
EA games, Ubisoft වගේ ලෝකේ දැවැන්ත වීඩියෝ ක්‍රීඩා නිර්මාපකයින් ක්‍රීඩාවක් නිර්මාණයට චිත්‍ර ශිල්පීන්, පිටපත් රචකයෝ, sculpture artistsලා, ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා, 3D artistsලා, Animatorsලා, ඡායාරූපශිල්පීන්, වීඩියෝ කැමරාකරන ශිල්පීන්, නළු නිලියෝ, Programmersලා වගේ ගොඩක් පිරිසකගේ සහය වගේම ඩොලර් මිලියන ගණනක් වැයකරනවා. ඒ වගේම තමයි ඔවුන් බිලියන ගණන් වලින් තමයි ආදයම් ලබන්නෙත්.
Indie Game Developersලා ගත්තම තනියෙන් හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා නිර්මාණය කරන අය තමයි මේ ගණයට වැටෙන්නෙ. Indie Game Developersලා විදිහට පටන් අරගෙන දැන් දැවැන්ත ආයතන බවට පත්වෙලා තියන ප්‍රසිද්ධ ආයතන දෙකක් තමයි Angry Birds හදපු Rovio හා Clash of Clans හදපු Supercell කියන්නෙ.
Video Game Development කියන්නෙ දවසින් දවස අලුත්වෙන ඒවගේම උත්සහ කරොත් සාර්ථකත්වයට පත්වෙන්න පුලුවන් industry එකක්. පසුගිය අවුරුදු 2, 3 ඇතුලත ලංකාවෙත් හොඳ games එළියට ආවා ඒ වගේම ඉස්සරහට තව ජාත්‍යන්තරයට තරගයක් දෙන්න පුලුවන් හොඳ මට්ටමේ games එන්නත් තියනවා.
Game Development කියන එක වෘත්තියක් වශයෙන් කරන්න කැමති වගේම විනෝදාංශයක් වශයෙන් උනත් කරන්න කැමති අයට මම මගේ ඊළඟ බ්ලොග් එපිසෝඩ් එකේ ඉදන් සරලව මුලසිට Game Development ගැන කියා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔයාලට Game Development ගැන මොනවහරි දෙයක් දැන ගන්න ඕනෙනම් පහළින් Comment එකක් විදිහට හරි Facebook, Twitter වලින් message එකක් දාලා හරි අහන්න පුලුවන්.